Vipassana Dhura

මහණෙනි, සත්වයන් ගේ පිරිසිදුවීම පිණිස,ශෝකය හා වැලපීම දුරැ කිරිම පිණිස, දුක් දොම්නස් නැසීම පිණිස, ආර්ය්යය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම පිණිස, නිවන් අවභෝදවිම පිණිස, පවත්නාවු මේ සතර සතිපට්ථානය නිවනට යන ඒකායන මාර්ගයවේ.

— බුදු රජාණන් වහන්සේ. මජ්ඣ්ම නිකාය 10.

Lotus Flowerවිපස්සනා භාවනාව වැඩීමෙන් අපේ සිත තුල පවත්නා දුක හා එයට හේතුව නැතිකල හැක. මනසිකාරය වර්තමාන මොහොතේ පිහිටීමෙන් අප‍ට ඇත්ත ඇති සැටි දැක ගන්ට හැකිවේ. වර්තමාන මොහොතේ සතිය පිහිටීම හේතු කරගෙන, අෂ්ට ලෝක ධර්මවලට කම්පා නෙවන සැපයක් ලබා ගත හැක. අප සතිය පුරුදු කිරීමෙන් ඔනැම ප්රටශ්නයක් මැද නිදහසේ, කම්පානොවී සැපසේ ජිවත්විය හැකිය.

ථෙරවාද බුද්ධාගමේ භාවිතා කරන විපස්සනා භාවනාව , පෙරදිග හෝ අපරදිගවේවා, ගැහැනු හෝ පිරිමිවේවා, තරුණ හෝ වැඩිමහල්වේවා, සැමටම සුදුසු, පහසු ක්රසමයකි.